ඉන්දියාවේ ජංගම දුරකථන ක්‍රීඩා පරිශීලකයින් වැඩිවෙයි

April 06, 2024 - 4:21 PM
ලොව විශාලතම ජංගම දුරකථන ක්‍රීඩා වෙළඳපොල බවට ඉන්දියාව පත්ව ඇති බව පර්යේෂණ ආයතනයකින් තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම 2023 වසරේ දී ක්‍රීඩා යෙදවුම් ප්‍රමාණ බිලියන 9.5ක් බාගත කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජංගම දුරකථන පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ක්‍රීඩා යෙදවුම් බාගත කිරීමේ දෙවැනි සහ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලය යන රටවල් බවයි.



(lknews.lk)