ඇමතුම් සහ ඩේටා ගාස්තු ඉහළට

December 30, 2023 - 6:29 PM
ජංගම දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල ගාස්තු, රූපවාහිනී ගාස්තු ජනවාරි 01 වැනිදා සිට ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ VAT බද්ද 3%කින් වැඩි වීමත් හේතුවෙන්.

පසුගිය නොවැම්බර් මාසයේ දී 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුවයි මෙම ගාස්තු ඉහළ යනු ඇති.

මෙම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් Dialog Axiata සමාගම සිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව ඇමතුම් සහ අන්තර්ජාල ගාස්තු 23.5%කින් ඉහළ යනු ඇති බව සඳහන්.

42.02%කින් ගෙවුම් රූපවාහිනී ගාස්තුව ඉහළ යනු ඇති.
(lknews.lk)