බූස්ස බන්ධනාගාරයේ තිබූ ජංගම දුරකථන පොලිස් භාරයට

February 22, 2024 - 5:53 PM
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු රඳවා සිටි සිරමැදිරි වලින් ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබෙනවා.

ඒවා සොයාගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැඳීසිටින සිරමැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැඳී සිටින සිරමැදිරියෙන්.

මෙහිදී ජංගම දුරකථන 04ක්, සිම් කාඩ්පතක්, දුරකථන අංක සහිත පොතක් සහ දුරකථන උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.
(lknews.lk)