රෝහල් සේවකයින්ට ජංගම දුරකථන තහනමක්

September 15, 2023 - 11:10 AM
උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.

මේ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා විසින් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බවයි.
(lknews.lk)