ඉන්දීය වේගපන්දු ක්‍රීඩක මොහොමඩ් ෂාමිට බොලිවුඩ් නිළියකගෙන් විවාහ යෝජනාවක්

November 13, 2023 - 9:02 AM

සුරූපී බොලිවුඩ් නිළියක වන පායල් ගෝෂ් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ෂාමි සමඟ විවාහ වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

මේවනවිට පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ කඩුලු ලබා ගනිමින් සුපුරුදු දස්කම් දැක්වීමෙන් පසුව ඔහුට මෙම ආරාධනාව ලැබී ඇත.

එහෙත් විවාහ යෝජනාව මොහාමඩ් ෂාමි පිළිගන්නේ නම් ඉංග්‍රීසි ඉගෙනීම අනිවාර්ය බවට පායල් ගෝෂ් කොන්දේසියක් ඉදිරිපත් කර තිබීම සුවිශේෂිය.

දේශපාලන විද්‍යා ගෞරව උපාධිධාරිනියක වන ඇය රාම්දාස් අතවාලේගේ දේශපාලන පක්ෂයට සම්බන්ධව කටයුතු කරන අතර, එහි කාන්තා අංශයේ උපසභාපතිනිය ලෙස කටයුතු කරයි.

පසුගිය 2 වැනිදා මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ෂාමි දස්කම් දැක්වීමෙන් පසු පායල් ගෝෂ්ගේ විවාහ යෝජනාව කරළියට පැමිණ තිබෙනවා.

එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ මොහොමඩ් ෂාමිගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ මාධ්‍ය තුළ විශාල ලෙස කතාබහක් ඇති වූ අතර, 33 හැවිරිදි ඔහු සිය පළමු බිරිය හසින් ජහාන් නම් වූ නිරූපිකාවක් සමඟ විවාහ වී දියණියක් සිටින පියෙකි.

2018 මාර්තු මාසයේදී මොහොමඩ් ෂාමිට ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයේදී දික්කසාදය ලැබී තිබුණා.
(lknews.lk)