අධික උණුසුම් කාලගුණය තවදුරටත්

March 17, 2024 - 4:42 PM
ශ‍්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ තත්වයත් සමඟ මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉතා ඉහළ අගයක පවතිනවා.

මෙම අධික උණුසුම් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
(lknews.lk)