පොලිස්පති දේශබන්දුට තවත් පෙත්සම්

March 07, 2024 - 5:17 PM
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටියා.
(lknews.lk)