හෙට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

March 25, 2024 - 2:39 PM
දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට (26) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
(lknews.lk)