මෝටර් රථ ප්‍රවාහන සේවා ඩිජිටල් වෙයි

February 29, 2024 - 4:32 PM
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් ලබන සඳුදා සිට ඩිජිටල් ක්‍රමවේදයක් හරහා සිදු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ස්වයංක්‍රීය දුරකථන හා වෙබ් පිටු මගින් කඩිනම් සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී ස්වයංක්‍රීය දුරකථන අංකය ලෙස  011 2117 116 හඳුන්වා දී තිබෙනවා.
(lknews.lk)