බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට

June 12, 2025 - 9:50 AM
ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. 

ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ කොස්වැටිය ප්‍රදේශයේදීයි. 

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 
 
(lknews)