සමන් රත්නායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කරයි

March 02, 2024 - 2:18 PM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ, ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන්.
(lknews.lk)