මියන්මාර තරුණ තරුණියන් හමුදා සේවයට

February 11, 2024 - 7:32 PM
මියන්මාරයේ සියලු තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබෙනවා.

එරට පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළා.

ඒ අනුව අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු වනවා.
(LKNEWS)