ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් නම් කරයි

February 27, 2024 - 9:07 PM
ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් නම් කර තිබෙනවා.

ඇය යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පකිස්ථානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරනවා.
(lknews.lk)