ඉතා­ලියේ නාපෝලි නුව­රට වසර 40කට පසු භූක­ම්ප­න­යක්

March 14, 2025 - 10:20 AM
ඉතා­ලියේ නාපෝලි නුවර ඊයේ (13) රිච්ටර් මාප­කයේ 4.4ක භූක­ම්ප­න­යක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොසෝලි සහ බග්නොලි වෙරළ තීරය ආස­න්නයේ සිදුවී ඇති එම භූක­ම්ප­න­යෙන් පසු අතුරු කම්පන 6ක් පමණ සිදුවූ බවයි.

භූක­ම්ප­නය හේතු­වෙන් ජීවිත හානි සිදුවූ බවට තොර­තුරු වාර්තා නොවූ­වද, ගොඩ­නැ­ඟිලි රැසක් බිඳ වැටී ඇතැයි ද මෝටර් රථ ගණ­නා­වක් විනාශ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

භූ කම්ප­න­යත් සමඟ නග­රයේ විදු­ලියද විසන්ධි වී තිබෙනවා.

(lknews.lk)