ජාතික සුරක්ෂිතතා දිනය හෙට

December 25, 2023 - 4:06 PM
සුනාමි ව්‍යසනයට වසර 19ක් සපිරෙන හෙට දිනයේ ජාතික සුරක්ෂිතතා දිනය සැමරෙනවා.

ඒ අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින ජාතික උත්සවයක් ලෙස සැමරුමක් සිදුකරනු ලබනවා.

එහිදි සුනාමි ව්‍යසනයෙන් සහ සෙසු ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු  9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

එමෙන්ම හෙට සැමරෙන ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක්ද හඳුන්වාදීමට නියමිතයි.
(lknews.lk)