ජාතික බදු සතිය අදින් ඇරඹෙයි

June 02, 2025 - 8:09 AM
ජාතික බදු සතිය අද (02) ආරම්භ වනවා. 

එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. 

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

'බදු ශක්ති' නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට ලබන 07වනදා දක්වා වූ සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි. 
 
(lknews)