T56 ගිනිඅවියක් සමඟ නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට

February 16, 2025 - 2:52 PM
T56 ගිනිඅවියක් සමඟ නාවික හමුදා සෙබළෙක් අද (16) අලුයම කුලියාපිටිය, ඉලුක්හෙන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේද සහය ඇතිව නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින්.

එම ගිනිඅවිය 2021 වසරේ කොළඹ වරායේ රන්වල කඳවුරේ අවි ගබඩාවෙන් අතුරුදහන් වූ T56 ගිනිඅවියක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළා ඉලුක්හෙන, ගල්පොල ජනපදය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙනවා.

(lknews.lk)