මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

April 05, 2025 - 1:30 PM
දිවයිනට බටහිර මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් කියා සිටියේ මෙම ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවක් බවයි.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතයි.

(lknews.lk)