නව පොලිස්පති ජනපති හමුවට

February 29, 2024 - 5:36 PM
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

නව පොලිස්පතිවරයා වෙත සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා ඔහු සමඟ සුහද කථාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එහිදී නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීමක් ද සිදු කෙරුණා.
(lknews.lk)