අලුත් අවුරුදු උදාව අද රාත්‍රියේ

April 13, 2024 - 9:39 AM
සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව අද (13) අපරභාග 09.05ට යෙදී තිබෙනවා.

ඒ අනුව අපරභාග 02.41 සිට ඉරිදා (14) පූර්වභාග 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බව නැකැත් පත්‍රයේ සඳහන් වනවා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අපරභාග 11.06 ටයි.

එමෙන්ම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය පූර්වභාග 12.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදු කර යුතු බවයි සිංහල අවුරුදු නැකත් පත්‍රයේ සඳහන් වන්නේ.

(lknews,lk)