අවුරුදු ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

April 10, 2025 - 11:32 AM
සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බ්ම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් සේවා සහ දුම්රිය සේවා අද (10) සිට ක්‍රියාත්මක වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 500ක් යොදවා ඇති බවයි.

එමෙන්ම, අතිරේක දුම්රිය ගමන්වාර 40ක් ක්‍රියාත්මක අතර කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, මහනුවර, අනුරාධපුර හා ගාල්ල යන ගමනාන්ත දක්වා මේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් යොදවා ඇති බවයි.

මේ අතර, පසුගිය අවුරුදු සමයට සාපේක්ෂ ව මෙම වසරේ ගිනිකෙළි අනතුරු අවම වී ඇති අතර, හදිසි අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.


(lknews.lk)