නිල සංචාරයක් සඳහා නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

May 25, 2025 - 1:10 PM
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහුව පිළිගනු ලැබුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින්.

2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරයද මෙයයි.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට තිබෙනවා.

(lknews.lk)