හෙට අස්වැසුමේ නව අයදුම්පත් කැඳවයි

February 09, 2024 - 2:03 PM
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) අරම්භ කිරීමට නියමිතයි.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ නිර්ණායක සංශෝධන කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

පවුල් තෝරා ගැනීමේදී සිදු වූ නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ටද අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනාද ඉහළ දමා තිබෙනවා.
(lknews.lk)