ජනපතිගෙන් නව පත්වීම්

December 28, 2023 - 2:57 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විනිසුරු ඩබ්ලිව්.එම්. එන්.පී.ඉද්දවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

එමෙන් ම චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ අනෙකුත් සාමාජිකයින් ලෙස පත්කර ඇති බව ද සඳහන්.

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් වලංගු බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
(lknews.lk)