බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ගේ ටියුෂන්වලට සීමා පනවමින් නව චක්‍රලේඛයක්

December 21, 2024 - 4:29 PM
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බවයි.

එමෙන්ම පාසල් වේලාවෙන් පසුව, සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
 

(lknews)