රියදුරු බලපත්‍රයේ වෙනසක්

November 02, 2023 - 11:02 AM
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත ආදේශ කරන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබෙන බව වාර්තා වනවා. 

ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ආරම්භ කළ බව එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා. 
 
ආර්ථික අර්බුදය හේතුවෙන් චිප් කියවීමේ ඒකක ආනයනය කිරීමේ දුෂ්කරතා නිසා අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේතයක් ආදේශ කිරීමට තීරණය කරන තිබෙනවා. 
 
QR කේත සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇති අතර එය ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් පමණක් බවයි ඔහු පැවසුවේ. 
 
රථවාහන වැරදි සඳහා වන Demerit Points ක්‍රමය ද ස්මාර්ට් රියදුරු බලපත්‍රවලට ඇතුළත් කර ඇති බව වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)