දුර්ලභ බළල් විශේෂයක අලුත් තොරතුරු

June 23, 2024 - 10:40 AM
ගෝලීය වශයෙන් දුර්ලභ බළල් විශේෂයක් වන අයිබීරියානු ලින්ක්ස් (Iberian lynx),  'වඳවීමේ තර්ජනයට ලක්ව' සිට 'අවදානමට ලක්විය හැකි' තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිබීරියානු ලින්ක්ස් ගහණය 2001 වසරේ සිට 2022 වසර වන විට සැලකිය යුතු සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.

එමෙන්ම දැනට, ස්පාඤ්ඤය සහ පෘතුගාලය පුරා ලින්ක්ස් 2,000 කට වඩා වෙසෙන බවයි ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.

මෑත කාලීන දත්තවලට අනුව ලින්ක්ස් බෝවන ස්ථාවර පොකුරු 14ක් ඇති බවටත් සොයාගෙන තිබෙනවා.
(lknews.lk)