ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා

October 21, 2023 - 5:02 PM
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට ලක්වූ අවස්ථවේදීයි.
LK NEWS