අල්ලස් කොමිසමේ නව සාමාජිකයින් රාජකාරි අරඹයි

January 12, 2024 - 5:05 PM
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සාමාජිකයින් රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කරනු ලැබූ අතර, එහි සභාපතිවරයා වන්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු සහ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවලයි.

එමෙන්ම එහි සාමාජිකයන් ලෙස මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන කළමනාකාර කේ. බර්නාඩ් රාජපක්ෂ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ චේතිය ගුණසේකර පත් කර තිබුණා.
(lknews.lk)