මීරිගමින් නව මදුරු විශේෂයක්

October 23, 2023 - 2:41 PM
ගෙම්බන්ගෙන් රුධිරය පානය කරන නව මදුරු විශේෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ හමුවී ඇති බව වාර්තා වනවා.

කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා සඳහන් කළේ Uranotaenia Trilineata ලෙස හඳුනාගෙන ඇති මෙය දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කුඩාම මදුරු විශේෂය බවයි.

ඒවා මිලිමීටර් 2-3 අතර ප්‍රමාණයකින් යුක්ත බව සඳහන් කළ කුමාරසිංහ මහතා නවතම හඳුනා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති මදුරු විශේෂ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති බව ද පැවසුවා.
(lknews.lk)