ගල්කිස්ස-බඩඕවිට ප්‍රදේශයට නව පොලිස් මුරපොළක්
January 02, 2025 - 3:18 PM
ගල්කිස්ස-බඩඕවිට ප්‍රදේශයේ ඉඳි කළ නව පොලිස් මුරපොළක් ඊයේ (01) ජනතා අයිතියට පත් කර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන්.
මෙම මුරපොළ පිහිටි කටුකුරුඳුවත්ත ග්‍රාම සේවා වසම තුළ පිහිටි නිවාස ගණන 3250ක් පමණ වන අතර එහි ජනගහණය 12,990ක්ද වන බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම පොලිස් මුරපොළ ඉඳි කිරීමේ අරමුණ ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වන බවයි.
(lknews)