පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුවක්

March 06, 2024 - 12:53 PM
එරට ක්‍රිකට් ආයතනය මඟින්, පාකිස්ථාන යුද හමුදාව මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා.

ඒ, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහායි.

මෙම පුහුණු කඳවුර මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා පවත්වනු ලබනවා.

ඔවුන් ඉලක්ක කර ගනු ලබන්නේ, පාකිස්ථාන පිළේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානයයි.