අපේක්ෂා රෝහලේ නව ඒකකයක් විවෘත වෙයි
January 02, 2025 - 10:48 AM
අපේක්ෂා රෝහලේ නව ඒකකයක් අද (02) විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
එය ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවන් හට ඇටමිඳුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් බවයි වාර්තා වන්නේ.
මෙතෙක් ලංකාව තුළ එම පහසුකම නොතිබීම හේතුවෙන් දරුවන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුහුණු මහා කතරගම දේවාලයට එන බැතිමතුන් විසින් කරන ආධාරවලින් ඇටමිඳුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ නව ඒකකය ඉඳිකර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ඒකකයේ එකවර දරුවන් සිව් දෙනෙක්ට ප්රතිකාර කළ හැකි අතර ආරක්ෂක හමුදාවේ පිරිසක් විසින් මේ සඳහා ශ්රම දායකත්වය සපයා තිබෙනවා.
(lknews)