නිලන්ත ජයවර්ධනව අද සිට අනිවාර්ය නිවාඩු යවයි

July 18, 2024 - 6:37 PM
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) සිට අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය දී ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළා.

නිලන්ත ජයවර්ධන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරි කරමින් සිටියදී මෙලෙස අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

(lknews)