නිලූක කරුණාරත්න ක්‍රීඩා පිටියෙන් සමුගනී

October 01, 2023 - 4:41 PM
ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළා.

එසේම ඔහු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකා නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වුණා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) මූලස්ථානයේ පැවති සංසදයක දී නිලූක කරුණාරත්න සිය සමුගැනීම නිවේදනය කළා.
(lknews.lk)