නිමාලි පෙරේරාට හිමි වූ සුවිශේෂී අවස්ථාව

October 20, 2024 - 7:22 PM
පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (20) ඩුබායි හීදී පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගය පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.

එම තරගයේ පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට නිමාලි පෙරේරාට අවස්ථාව හිමිවී තිබෙනවා.

මෙම සුව්ශේෂී අවස්ථාව හිමි වූ නිමාලි පෙරේරා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයක පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය ලෙස වාර්තා අතරට එක්වනවා.


(lknews.lk)