"මොස්කව් ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තුවාල සිදුවී නැහැ" - විදේශ කටයුතු අමාත්‍යාංශය

March 23, 2024 - 12:58 PM
රුසියාවේ මොස්කව් හී Crocus City ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ මියගිය අය අතර ශ්‍රී ලාංකිකයන් කිසිවකු නොසිටි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව අවම වශයෙන් 62 ක් වන අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අතර ළමුන් ද සිටින බවද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ISIS (ඉස්ලාමීය රාජ්‍ය) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි.

එසේම මේ අතර මොස්කව් නුවර ගුවන් තොටුපළ සහ දුම්රිය ස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව තර කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු රතු චතුරශ්‍රය ආරක්ෂක හේතුන් මත වසා දමා ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
(lknews.lk)