බස් ගාස්තු වැඩි නොවන බවට සංගමයක් කියයි

November 01, 2023 - 2:35 PM
ඩීසල් මිල ඉහළ දැමුනද, බස් ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කර බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බවයි.

කෙසේ වෙතත් නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුව හොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු පැවසූවා.
(lknews.lk)