අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය කියයි
October 30, 2023 - 5:57 PMඉදිරි අයවැය සැකසීමේදී අයවැය සම්බන්ධයෙන් ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
කෙසේවෙතත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමේදී රට නැවත වරක් රට අගාධය කරා නොයන ආකාරයෙන් ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
එමෙන්ම ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු අතර රාජ්‍ය වියදම අඩුකර ගනිමින් ආදායම වැඩිකර ගැනීමට මෙතරම් අවධානය යොමුකළ යුගයක් මීට පෙර නොතිබුණු බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)