පළාත්පාලන ඡන්ද විමසීමේ නාමයෝජනා අවලංගු කරයි

February 19, 2024 - 11:42 AM
දින නියමක් නොමැතිව කල් දමා ඇති පළාත්පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ, හිටපු පළාත් පාලන නියෝජිතයින් කරනු ලැබූ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා ඒකමතිකව තීරණය කළා.

ඒ අපේක්ෂකයින් මුහුණ දී ඇති අපහසුතාවයන් සැළකිල්ලට ගනිමින්.
(lknews.lk)