පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සේවකයින් රජයේ ස්ථිර සේවයට

November 03, 2023 - 6:08 PM

පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ඔවුන් රජයේ ස්ථිර සේවයට බඳවා ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ යටතේ පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදුවනු ඇති.
(lknews.lk)