නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට

December 14, 2023 - 11:49 AM
නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. 

එමෙන්ම තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කර ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවා. 
 
නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ රට පුරා විදුලිය විසන්ධි වීමත් සමගයි. 
 
මේ අතර නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට පවතින්නේ, අක්‍රීය තත්ත්වයේයි.
(lknews.lk)