උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට මිසයිල එල්ල කරයි

March 18, 2024 - 12:41 PM
උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර තිබෙනවා.

එම මිසයිල ප්‍රහාර දියත් කර ඇත්තේ, දකුණු කොරියාවේ සෝල් නුවර වෙත ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පැමිණීමත් සමඟයි.

එමෙන්ම උතුරු කොරියාව දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසා තිබෙනවා.
(lknews.lk)