වැඩිපුර දරුවන් හදන්න ලෙස රටක නායකයෙක් හඬා වැටෙයි

December 06, 2023 - 10:01 AM
පහළ යන ළදරු මරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා උතුරු කොරියානු කාන්තාවන්ගෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය දා උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පැවති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු නායකයා හඬාවැටීමෙන් මේ බව පවසා ඇති බව සඳහන්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “උපත් අනුපාත පහත වැටීම නැවැත්වීම සහ හොඳ ළමා රැකවරණය සහ අධ්‍යාපනය ලබා දීම අපගේ මව්වරුන් සමඟ එක්ව විසඳා ගත යුතු අපගේ පවුලේ කටයුතු වේ.” යන්නයි.

එසේම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන්නේ 2023 වන විට උතුරු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය එක් කාන්තාවකට උපත් 1.8 ක් වන අතර එය සංවර්ධිත රටවල ප්‍රතිස්ථාපන අනුපාත මිණුම් ලකුණට වඩා 2.1ක් අඩු බවයි.
(lknews.lk)