උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

December 27, 2023 - 10:51 AM
එළඹෙන ජනවාරි 7 සිට මාස 06 ක කාලයක් උතුරු දුම්රිය මාර්ගය මහව සිට අනුරාධපුරය දක්වා කොටස වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු හේතුවෙන්.

අදාළ කාලසීමාව ඇතුලත දුම්රිය ධාවනය කිරීම කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති.
(lknews.lk)