දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කිරීමේ නිවේදනය අද - බන්දුල

July 11, 2024 - 3:35 PM
වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකන බවයි.

ඒ අනුව අද දිනය තුළ ඔවුන් සේවයෙන් ඉවත් කිරීමේ නිවේදනය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව නිකුත් කරනු ඇති බව ඔහු සඳහන් කළා.

(xanin.lk)