විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

July 15, 2024 - 12:33 PM
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයා බලන ලෙසයි.

එසේම එම ආයතන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙස ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

ආයතනයේ ලියාපදිංචිය සහ ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මඟින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබා ගත හැකියි.
(lknews)