උත්සව සමයේ සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දීමක්

December 24, 2023 - 11:31 AM
උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේ, අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව සිපෙට්කෝ, IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම් සිදුකර තිබෙනවා.
(lknews.lk)