උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට නිවේදනයක්

March 11, 2024 - 4:10 PM
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

අයදුම්පත් මේ මස 22 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම අයදුම්පත් https://onlineexams.gov.lk/eic මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
(lknews.lk)