නීතිවිරෝධී ලෙස කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයන්ට දැනුම්දීමක්
January 07, 2025 - 6:29 PM
වීසා කාලය අවලංගු වී ඇතත් තවමත් නීතිවිරෝධීව කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට වහාම පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ අද (07) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ලාංකිකයන් 96දෙනෙක් සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නීතිවිරෝධීව කොරියාවේ රැඳී සිටින පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.
එමෙන්ම ඉදිරියේදී මෙරටට ලැබෙන රැකියා කෝටාව ඔවුන්ගේ ක්‍රියාකලාපයන් මත තීරණය වීම හේතුවෙන් නීතිවිරෝධී ලෙස කොරියාවේ රැඳී නොසිට මෙරටට පැමිණෙන ලෙසද ඔහු ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
(lknews)